tcbeliatta@dtet.gov.lk

+94 4722 43 229

LOGO_HEADER
Department-Logo

විභාග පැවැත්වීම හා සහතික පත් නිකුත් කිරීම.

විභාග පැවැත්වීම හා සහතික පත් නිකුත් කිරීම

 

පූර්ණ කාලීන හා අර්ධකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය

 

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන හා අර්ධකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය සඳහා ඉල්ලුම්පත් කාර්මික විද්‍යාල මට්ටමින් කැඳවනු ලබන අතර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අංශයේ සංවිධානය, අධීක්ෂණය හා මෙහෙයවීම මත කාර්මික විද්‍යාල මට්ටමින් විභාග පවත්වා එයින් සමර්ථය ලත් අයදුම්කරුවන් සඳහා අදාල සහතික පත් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ.(මෙම විභාගය සඳහා ඉල්ලුම් කල හැක්කේ 80% ක් පන්ති වලට සහභාගිවී ඇති විදුහල්පතිගේ නිර්දේශ සහිත අයදුම්කරුවන්ට පමණි.

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා (NVQ) හැදෑරූ සිසුන් සඳහා

 

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා (NVQ) හැදෑරූ සිසුන් සඳහා පරීක්ෂණ හා ඇගයීම් අංශය හා අදාල තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල අධ්‍යක්ෂ/විදුහල්පති වරුන්ගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ ඇගයුම්කරුවන් (Assessor) ලවා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා එහි ප්‍රතිඵල තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍ෙකාමිෂන් සභාව (TVEC) අදාල NVQ සහතික ලබා දෙනු ලැබේ.

කෙටිකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය

 

කෙටිකාලීන පාඨමාලා හැදෑරූ සිසුන් සඳහා අවසාන විභාගය දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ කාර්මික විද්‍යාල මට්ටමින් පවත්වා සමර්ථය ලබා ඇති අයදුම්කරුවන් හට දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අංශය මගින් සහතික නිකුත් කරනු ලැබේ.

වෙනත් ආයතනයන්හි සේවක පිරිස් සඳහා විභාග පැවැත්වීම

 

වෙනත් ආයතනයන්හි සේවය කරනු ලබන සේවක පිරිස් සඳහා මෙම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ විභාග පවත්වා එම අංශය මගින් ප්‍රතිඵල නිකුත් කරනු ලැබේ.