tcbeliatta@dtet.gov.lk

+94 4722 43 229

LOGO_HEADER
Department-Logo

සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල

සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල

 

  • පාඨමාලා අධ්‍යයන වර්ෂය සෑම වසරකම ජනවාරි මාසයෙන් පටන්ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් වේ.
  • සෑම වසරකම මැයි/ ජූනි මාසය තුල පල කරනු ලබන රජයේ ගැසට් පත්‍රය මගින් පාඨමාලා විස්තරය හා ඒවා පැවැත්වෙන කාර්මික විද්‍යාල ඇතුලත් තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබේ. එහි පලකර ඇති ආදර්ශ අයදුම්පත අනුව සකස්කරන ලද අයදුම්පත් සඳහන් කර ඇති අවසාන දිනට පෙර අදාල කාර්මික විද්‍යාලයේ විදුහල්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකල යුතු වේ.
  • තමන් කැමති ඕනෑම පාඨමාලාවකට වෙන වෙනම ඉල්ලුම් පත්‍රයක් බැගින් ඉදිරිපත් කල යුතුය.
  • අයදුම් කරුවන් තෝරාගනු ලබන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මතය.
  • සිසුන් ඇතුලත් කර ගැනීම පිළිබඳ වැඩි විස්තර ඉල්ලුම්කරුට ආසන්නතම කාර්මික විද්‍යාලයේ ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිවන අතර අවශ්‍ය ඕනෑම අවස්තාවක සුදුසුකම් අනුව පාඨාමාලාවන්ට ඇතුලත්වීම පිණිස ලියාපදිංචි විය හැක. (කාර්මික විද්‍යාල වල පිහිටා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්තාන වල දුරකථන අංක පිටු අංක හි දක්වා ඇත).
පාඨමාලා ගාස්තු :

පූර්ණ කාලීන පාඨමාලා සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ. එහෙත් අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන පාඨමාලා හදාරන්නන්ගෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.

  • අවුරුද්දකට වැඩි අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 2000.00
  • එක් අවුරුදු හෝ ඊට අඩු කෙටිකාලීන අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන පාඨමාලා සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 1500.00